quranm◉

පිටුව 117

Range
from 5:51 to 5:57
Surahs covered
පරිවර්තනය
7 පරිවර්තනය

◉

5:51

يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ لَا تَتَّخِذُواْ ٱلۡيَهُودَ وَٱلنَّصَٰرَىٰٓ أَوۡلِيَآءَۘ بَعۡضُهُمۡ أَوۡلِيَآءُ بَعۡضٖۚ وَمَن يَتَوَلَّهُم مِّنكُمۡ فَإِنَّهُۥ مِنۡهُمۡۗ إِنَّ ٱللَّهَ لَا يَهۡدِي ٱلۡقَوۡمَ ٱلظَّـٰلِمِينَ ﴿51﴾

අහෝ ! විශ්වාස කළවුනි, යුදෙව්වන් හා කිතුනුවන් සමීප මිතුරන් ලෙස නොගනු. (ඔබට එරෙහි වීමේදී) ඔවුන්ගෙන් ඇතැමෙකු ඇතැමෙකුගේ සමීප මිතුරන් වෙති. නුඹලා අතුරින් කවරෙකු ඔවුන් ව සමීප මිතුරන් ලෙස ගත්තෙහු ද එවිට සැබැවින්ම ඔහු ද ඔවුන් අතුරින් කෙනෙකු වෙයි. සැබැවින්ම අල්ලාහ් අපරාධකාර ජනයාට මඟ නොපෙන්වයි.

5:52

فَتَرَى ٱلَّذِينَ فِي قُلُوبِهِم مَّرَضٞ يُسَٰرِعُونَ فِيهِمۡ يَقُولُونَ نَخۡشَىٰٓ أَن تُصِيبَنَا دَآئِرَةٞۚ فَعَسَى ٱللَّهُ أَن يَأۡتِيَ بِٱلۡفَتۡحِ أَوۡ أَمۡرٖ مِّنۡ عِندِهِۦ فَيُصۡبِحُواْ عَلَىٰ مَآ أَسَرُّواْ فِيٓ أَنفُسِهِمۡ نَٰدِمِينَ ﴿52﴾

තම හදවත් වල රෝග ඇත්තවුන් වන ඔවුහු ඔවුන් අතර යුහුසුලුව කටයුතු කරනු නුඹ දකිනු ඇත. (ඔවුන් සමඟ අමනාප වූ විට) "අපට දුෂ්කරතා හට ගනු ඇතැයි අපි බියවීමු" යැයි පවසති. අල්ලාහ් (තමන් සිතන පරිදි) ජයග්‍රහණය හෝ ඔහුගෙන් වූ නියමයක් හෝ ගෙන දෙනු ඇත. එවිට ඔවුන්ගේ හදවත් තුළ ඔවුන් සඟවා සිටි දෑ කෙරෙහි ඔවුහු පසුතැවිලි වන්නන් බවට පත් වෙති.

5:53

وَيَقُولُ ٱلَّذِينَ ءَامَنُوٓاْ أَهَـٰٓؤُلَآءِ ٱلَّذِينَ أَقۡسَمُواْ بِٱللَّهِ جَهۡدَ أَيۡمَٰنِهِمۡ إِنَّهُمۡ لَمَعَكُمۡۚ حَبِطَتۡ أَعۡمَٰلُهُمۡ فَأَصۡبَحُواْ خَٰسِرِينَ ﴿53﴾

සැබැවින්ම තමන් නුඹලා සමඟ යැයි අල්ලාහ් මත ඉතා ස්ථීර ලෙස දිවුරා සිටියවුන් මොවුහු දැ යි විශ්වාස කළවුන් විමසා සිටිති. ඔවුන්ගේ ක්‍රියාවන් නිෂ්ඵල විය. එහෙයින් ඔවුන් අලාභවන්තයින් බවට පත් වූහ.

5:54

يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ مَن يَرۡتَدَّ مِنكُمۡ عَن دِينِهِۦ فَسَوۡفَ يَأۡتِي ٱللَّهُ بِقَوۡمٖ يُحِبُّهُمۡ وَيُحِبُّونَهُۥٓ أَذِلَّةٍ عَلَى ٱلۡمُؤۡمِنِينَ أَعِزَّةٍ عَلَى ٱلۡكَٰفِرِينَ يُجَٰهِدُونَ فِي سَبِيلِ ٱللَّهِ وَلَا يَخَافُونَ لَوۡمَةَ لَآئِمٖۚ ذَٰلِكَ فَضۡلُ ٱللَّهِ يُؤۡتِيهِ مَن يَشَآءُۚ وَٱللَّهُ وَٰسِعٌ عَلِيمٌ ﴿54﴾

අහෝ ! විශ්වාස කළවුනි, නුඹලා අතුරින් කවරෙකු තම දහමින් හැරී යන්නේ ද එවිට අල්ලාහ් තවත් පිරිසක් ගෙන එනු ඇත. ඔහු ඔවුන් ව ප්‍රිය කරයි. ඔවුහු ද ඔහු ව ප්‍රිය කරති. දේව විශ්වාසවන්තයින් සමඟ යටහත් පහත්ව කටයුතු කරති. දේව ප්‍රතික්ෂේපකයින් සමඟ ඉතා දැඩි ව සිටිති. අල්ලාහ්ගේ මාර්ගයේ කැප වෙති. කිසිදු දොස් පවසන්නෙකුගේ දොසට බිය නොවෙති. එය අල්ලාහ්ගේ භාග්‍යයයි. තමන් අභිමත කරන අයට ඔහු එය පිරිනමයි. තවද අල්ලාහ් සර්ව ව්‍යාපකය. සර්වඥානීය.

5:55

إِنَّمَا وَلِيُّكُمُ ٱللَّهُ وَرَسُولُهُۥ وَٱلَّذِينَ ءَامَنُواْ ٱلَّذِينَ يُقِيمُونَ ٱلصَّلَوٰةَ وَيُؤۡتُونَ ٱلزَّكَوٰةَ وَهُمۡ رَٰكِعُونَ ﴿55﴾

සැබැවින්ම නුඹලාගේ (මිතුරු) භාරකරු වන්නේ, අල්ලාහ් ද ඔහුගේ ධර්ම දූතයාණන් ද (අල්ලාහ්ගේ නියෝගයන්ට) හිස නමන්නන් ලෙසින් සලාතය විධිමත් ව ඉටු කර zසකාත් ලබා දෙන දේව විශ්වාසවන්යින් ද වෙති.

5:56

وَمَن يَتَوَلَّ ٱللَّهَ وَرَسُولَهُۥ وَٱلَّذِينَ ءَامَنُواْ فَإِنَّ حِزۡبَ ٱللَّهِ هُمُ ٱلۡغَٰلِبُونَ ﴿56﴾

තවද කවරෙකු අල්ලාහ් ද ඔහුගේ ධර්ම දූතයාණන් ද තවද විශ්වාස කළවුන් ද තම භාරකරුවන් ලෙස ගන්නේ ද ඔවුහුමය අල්ලාහ්ගේ කණ්ඩායම වන්නේ. ඔවූහුමය ජයග්‍රහකයෝ.

5:57

يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ لَا تَتَّخِذُواْ ٱلَّذِينَ ٱتَّخَذُواْ دِينَكُمۡ هُزُوٗا وَلَعِبٗا مِّنَ ٱلَّذِينَ أُوتُواْ ٱلۡكِتَٰبَ مِن قَبۡلِكُمۡ وَٱلۡكُفَّارَ أَوۡلِيَآءَۚ وَٱتَّقُواْ ٱللَّهَ إِن كُنتُم مُّؤۡمِنِينَ ﴿57﴾

අහෝ ! විශ්වාස කළවුනි, නුඹලාට පෙර දේව ග්‍රන්ථය දෙනු ලැබූ අය හා දේව ප්‍රතික්ෂේපකයින් අතුරින් නුඹලාගේ දහම විහිළුවට හා සෙල්ලමට ගත් අය ව නුඹලා (මිත්‍ර පාක්ෂික) භාරකරුවන් ලෙස නොගනු. තවද නුඹලා විශ්වාසවන්තයින් වූයෙහු නම් අල්ලාහ්ට බිය හැඟීමෙන් යුක්ත වනු.