quranm◉

පිටුව 327

Range
from 21:58 to 21:72
Surahs covered
පරිවර්තනය
15 පරිවර්තනය

◉

21:58

فَجَعَلَهُمۡ جُذَٰذًا إِلَّا كَبِيرٗا لَّهُمۡ لَعَلَّهُمۡ إِلَيۡهِ يَرۡجِعُونَ ﴿58﴾

පසු ව ඔවුන් ඒ වෙත නැවත හැරී ආ හැකි පිණිස විශාල (ප්‍රතිමාව) හැර (සෙසු) ඒවා ඔහු කැබලි වලට පත් කළේය.

21:59

قَالُواْ مَن فَعَلَ هَٰذَا بِـَٔالِهَتِنَآ إِنَّهُۥ لَمِنَ ٱلظَّـٰلِمِينَ ﴿59﴾

කවරෙකු අපගේ දෙවිවරුන්ට මෙය සිදු කළේද නියත වශයෙන්ම ඔහු අපරාධකරුවන් අතුරිනි යැයි ඔවුහු පැවසූහ.

21:60

قَالُواْ سَمِعۡنَا فَتٗى يَذۡكُرُهُمۡ يُقَالُ لَهُۥٓ إِبۡرَٰهِيمُ ﴿60﴾

ඔවුන්(පිළිම) ගැන සඳහන් කරන තරුණයෙක් පිළිබඳ ව අපි අසා ඇත්තෙමු. ඔහුට ඉබ්‍රාහීම් යැයි කියනු ලැබේ යැයි ඔවුහු පැවසූහ.

21:61

قَالُواْ فَأۡتُواْ بِهِۦ عَلَىٰٓ أَعۡيُنِ ٱلنَّاسِ لَعَلَّهُمۡ يَشۡهَدُونَ ﴿61﴾

එසේ නම් ජනයාගේ දෑස් ඉදිරිපිටට ඔවුන් දැකිය හැකි වනු පිණිස නුඹලා ඔහු ගෙන එනු යැයි ඔවුහු පැවසූහ.

21:62

قَالُوٓاْ ءَأَنتَ فَعَلۡتَ هَٰذَا بِـَٔالِهَتِنَا يَـٰٓإِبۡرَٰهِيمُ ﴿62﴾

අහෝ ඉබ්‍රාහීම්! අපගේ දෙවිවරුන්ට මේ දේ සිදු කළේ නුඹදැයි ඔවුහු විමසූහ.

21:63

قَالَ بَلۡ فَعَلَهُۥ كَبِيرُهُمۡ هَٰذَا فَسۡـَٔلُوهُمۡ إِن كَانُواْ يَنطِقُونَ ﴿63﴾

නැත. මෙය සිදු කළේ ඔවුන්ගෙන් මේ ලොකු ප්‍රතිමාවයි. එහෙයින් ඔවුන් කතා කරන්නන් ලෙස සිටියෙහු නම් නුඹලා ඔවුන්ගෙන් විමසනු යැයි ඔහු පැවසුවේය.

21:64

فَرَجَعُوٓاْ إِلَىٰٓ أَنفُسِهِمۡ فَقَالُوٓاْ إِنَّكُمۡ أَنتُمُ ٱلظَّـٰلِمُونَ ﴿64﴾

එවිට (පිළිතුරු දිය නොහැකි) ඔවුහු ඔවුන් වෙතට හැරී (සියලු දෙනාම) "නියත වශයෙන්ම අපරාධකරුවෝ නුඹලාමය යැයි පැවසුවෝය".

21:65

ثُمَّ نُكِسُواْ عَلَىٰ رُءُوسِهِمۡ لَقَدۡ عَلِمۡتَ مَا هَـٰٓؤُلَآءِ يَنطِقُونَ ﴿65﴾

ඔවුන් (අපහාසයට පත් වූ බැවින්) ඔවුන්ගේ හිස් පහතට හෙළනු ලැබීමෙන් පසුව "සැබැවින්ම මොවුහු කතා නොකරන බව නුඹ දන්නෙහිය" (යැයි පැවැසූහ).

21:66

قَالَ أَفَتَعۡبُدُونَ مِن دُونِ ٱللَّهِ مَا لَا يَنفَعُكُمۡ شَيۡـٔٗا وَلَا يَضُرُّكُمۡ ﴿66﴾

අල්ලාහ්ගෙන් තොර ව නුඹලාට කිසිදු ඵලක් නොදෙන එමෙන්ම නුඹලාට කිසිදු හානියක් නොකරන දෑට නුඹලා නැමදුම් කරන්නෙහුද ? යැයි ඔහු විමසුවේය.

21:67

أُفّٖ لَّكُمۡ وَلِمَا تَعۡبُدُونَ مِن دُونِ ٱللَّهِۚ أَفَلَا تَعۡقِلُونَ ﴿67﴾

නුඹලාට හා අල්ලාහ්ගෙන් තොර ව නුඹලා ගැතිකම් කරන දෑට විනාශයම වේවා! නුඹලා වටහාගත යුතු නොවේද?

21:68

قَالُواْ حَرِّقُوهُ وَٱنصُرُوٓاْ ءَالِهَتَكُمۡ إِن كُنتُمۡ فَٰعِلِينَ ﴿68﴾

නුඹලා (යමක්) සිදු කරන්නන් ලෙස සිටියෙහු නම් නුඹලා ඔහු ව පුලුස්සා දමනු. නුඹලාගේ දෙවිවරුන්ට උදව් කරනු යනුවෙන් ඔවුන් පැවසූහ.

21:69

قُلۡنَا يَٰنَارُ كُونِي بَرۡدٗا وَسَلَٰمًا عَلَىٰٓ إِبۡرَٰهِيمَ ﴿69﴾

අහෝ ගින්න! නුඹ ඉබ්‍රාහීම්ට සිසිලක් හා ආරක්ෂාවක් වනු යැයි අප පැවසුවෙමු.

21:70

وَأَرَادُواْ بِهِۦ كَيۡدٗا فَجَعَلۡنَٰهُمُ ٱلۡأَخۡسَرِينَ ﴿70﴾

තවද ඔවුහු ඔහුට කුමන්ත්‍රණයක් කිරීමට සිතූහ. නමුත් අපි ඔවුන් පරාජිතයින් බවට පත් කළෙමු.

21:71

وَنَجَّيۡنَٰهُ وَلُوطًا إِلَى ٱلۡأَرۡضِ ٱلَّتِي بَٰرَكۡنَا فِيهَا لِلۡعَٰلَمِينَ ﴿71﴾

තවද ලෝවැසියන්හට එහි සමෘද්ධිය ඇති කළා වූ භූමියකට අපි ඔහු හා ලූත් මුදවා හැරියෙමු.

21:72

وَوَهَبۡنَا لَهُۥٓ إِسۡحَٰقَ وَيَعۡقُوبَ نَافِلَةٗۖ وَكُلّٗا جَعَلۡنَا صَٰلِحِينَ ﴿72﴾

තවද ඉස්හාක් හා ඊට අමතර ව යඃකූබ් ව ද ඔහුට අපි පිරිනැමුවෙමු. ඒ සෑම කෙනෙකුවම දැහැමියන් බවට අපි පත් කළෙමු.