quranm◉

Surah Al-Waqi'ah transliteration

◉ සූරා · ∞

56:1

إِذَا وَقَعَتِ ٱلۡوَاقِعَةُ ﴿1﴾

Transliteration: Itha waqaAAati alwaqiAAatu

Translation: සිදු වන දෑ (එනම් නැගිටවනු දිනය) සිදු වූ විට,

56:2

لَيۡسَ لِوَقۡعَتِهَا كَاذِبَةٌ ﴿2﴾

Transliteration: Laysa liwaqAAatiha kathibatun

Translation: එම සිදුවීම බොරුවක් නොවෙයි.

56:3

خَافِضَةٞ رَّافِعَةٌ ﴿3﴾

Transliteration: Khafidatun rafiAAatun

Translation: (එය අපරාධකරුවන්) පහත් කරවන්නකි. (දැහැමියන්) උසස් කරවන්නකි.

56:4

إِذَا رُجَّتِ ٱلۡأَرۡضُ رَجّٗا ﴿4﴾

Transliteration: Itha rujjati alardu rajjan

Translation: මහපොළොව කම්පනයකින් කම්පනය කරනු ලැබූ විට,

56:5

وَبُسَّتِ ٱلۡجِبَالُ بَسّٗا ﴿5﴾

Transliteration: Wabussati aljibalu bassan

Translation: තවද කඳු සුනු විසුනු කිරීමෙන් සුනු විසුනු කරනු ලැබූ විට,

56:6

فَكَانَتۡ هَبَآءٗ مُّنۢبَثّٗا ﴿6﴾

Transliteration: Fakanat habaan munbaththan

Translation: එවිට එය විසිරුණු දූවිලි බවට පත් වනු ඇත.

56:7

وَكُنتُمۡ أَزۡوَٰجٗا ثَلَٰثَةٗ ﴿7﴾

Transliteration: Wakuntum azwajan thalathatan

Translation: එවිට නුඹලා වර්ග තුනක් වන්නෙහුය.

56:8

فَأَصۡحَٰبُ ٱلۡمَيۡمَنَةِ مَآ أَصۡحَٰبُ ٱلۡمَيۡمَنَةِ ﴿8﴾

Transliteration: Faashabu almaymanati ma ashabu almaymanati

Translation: එනම් දකුණු පසට වූ ජනයා. එම දකුණු පසට වූ ජනයා යනු කවරෙක් ද?

56:9

وَأَصۡحَٰبُ ٱلۡمَشۡـَٔمَةِ مَآ أَصۡحَٰبُ ٱلۡمَشۡـَٔمَةِ ﴿9﴾

Transliteration: Waashabu almashamati ma ashabu almashamati

Translation: තවද වම් පසට වූ ජනයා. එම වම් පසට වූ ජනයා යනු කවරෙක් ද?

56:10

وَٱلسَّـٰبِقُونَ ٱلسَّـٰبِقُونَ ﴿10﴾

Transliteration: Waalssabiqoona alssabiqoona

Translation: පෙරටුගාමීහු පෙරටු ගාමීහුය.

56:11

أُوْلَـٰٓئِكَ ٱلۡمُقَرَّبُونَ ﴿11﴾

Transliteration: Olaika almuqarraboona

Translation: ඔවුහු (අල්ලාහ්ට) සමීපතයෝ වෙති.

56:12

فِي جَنَّـٰتِ ٱلنَّعِيمِ ﴿12﴾

Transliteration: Fee jannati alnnaAAeemi

Translation: (ඔවුන්) සැපවත් උයන්හි සිටිති.

56:13

ثُلَّةٞ مِّنَ ٱلۡأَوَّلِينَ ﴿13﴾

Transliteration: Thullatun mina alawwaleena

Translation: මුල් අයගෙන් වූ පිරිසකි.

56:14

وَقَلِيلٞ مِّنَ ٱلۡأٓخِرِينَ ﴿14﴾

Transliteration: Waqaleelun mina alakhireena

Translation: තවද පසු පැවත එන්නන්ගෙන් වූ ස්වල්පයකි.

56:15

عَلَىٰ سُرُرٖ مَّوۡضُونَةٖ ﴿15﴾

Transliteration: AAala sururin mawdoonatin

Translation: (ඔවුන්) අලංකාර කරන ලද ඇඳන් මත සිටිති.

56:16

مُّتَّكِـِٔينَ عَلَيۡهَا مُتَقَٰبِلِينَ ﴿16﴾

Transliteration: Muttakieena AAalayha mutaqabileena

Translation: ඒ මත එකිනෙකාට මුහුණලමින් හාන්සිවන්නන් ලෙස සිටිති.

56:17

يَطُوفُ عَلَيۡهِمۡ وِلۡدَٰنٞ مُّخَلَّدُونَ ﴿17﴾

Transliteration: Yatoofu AAalayhim wildanun mukhalladoona

Translation: ළමා විය සදාතනික වූ ළමුන් ( සංග්‍රහ කිරීම සඳහා) ඔවුන් වටා යති.

56:18

بِأَكۡوَابٖ وَأَبَارِيقَ وَكَأۡسٖ مِّن مَّعِينٖ ﴿18﴾

Transliteration: Biakwabin waabareeqa wakasin min maAAeenin

Translation: දිය දහරාවෙන් පුරවනු ලැබූ ගුරු ලේත්තු, කේතල් හා කුසලාන සමග (ඔවුන් වටා යති.)

56:19

لَّا يُصَدَّعُونَ عَنۡهَا وَلَا يُنزِفُونَ ﴿19﴾

Transliteration: La yusaddaAAoona AAanha wala yunzifoona

Translation: එයින් ඔවුනට හිසේ රුදාව ඇති නොවේ. තවද ඔවුන් මත් නොවෙති.

56:20

وَفَٰكِهَةٖ مِّمَّا يَتَخَيَّرُونَ ﴿20﴾

Transliteration: Wafakihatin mimma yatakhayyaroona

Translation: ඔවුන් තෝරා ගන්නා පරිදි පලතුරු සමග

56:21

وَلَحۡمِ طَيۡرٖ مِّمَّا يَشۡتَهُونَ ﴿21﴾

Transliteration: Walahmi tayrin mimma yashtahoona

Translation: ඔවුන් ආශා කරන පරිදි කුරුලු මාංශ සමග

56:22

وَحُورٌ عِينٞ ﴿22﴾

Transliteration: Wahoorun AAeenun

Translation: තවද දැකුම්කලු කන්‍යා කුමරියෝ ද වෙති.

56:23

كَأَمۡثَٰلِ ٱللُّؤۡلُوِٕ ٱلۡمَكۡنُونِ ﴿23﴾

Transliteration: Kaamthali allului almaknooni

Translation: (ඔවුන්) සඟවා තබන ලද මුතු වලට සමානය

56:24

جَزَآءَۢ بِمَا كَانُواْ يَعۡمَلُونَ ﴿24﴾

Transliteration: Jazaan bima kanoo yaAAmaloona

Translation: ඔවුන් (මොලොවෙහි) සිදු කරමින් සිටි දෑ සඳහා ප්‍රතිඵලයක් වශයෙනි.

56:25

لَا يَسۡمَعُونَ فِيهَا لَغۡوٗا وَلَا تَأۡثِيمًا ﴿25﴾

Transliteration: La yasmaAAoona feeha laghwan wala tatheeman

Translation: ඔවුහු එහි පුහු දැයකට හෝ පාපය ඇති කරන කතාවකට හෝ සවන් නොදෙති.

56:26

إِلَّا قِيلٗا سَلَٰمٗا سَلَٰمٗا ﴿26﴾

Transliteration: Illa qeelan salaman salaman

Translation: ශාන්තියයි ශාන්තියයි යනුවෙන් පවසනු ලැබීම මිස. (වෙන කිසිවකට සවන් නොදෙති.)

56:27

وَأَصۡحَٰبُ ٱلۡيَمِينِ مَآ أَصۡحَٰبُ ٱلۡيَمِينِ ﴿27﴾

Transliteration: Waashabu alyameeni ma ashabu alyameeni

Translation: දකුණු පස ජනයා, දකුණු පස ජනයා යනු කවරෙක් ද?

56:28

فِي سِدۡرٖ مَّخۡضُودٖ ﴿28﴾

Transliteration: Fee sidrin makhdoodin

Translation: (ඔවුන්) කටු නොමැති මසන් ගස් අතරෙහිය.

56:29

وَطَلۡحٖ مَّنضُودٖ ﴿29﴾

Transliteration: Watalhin mandoodin

Translation: තවද කැන් එල්ලෙන කෙසෙල් ගස් අතරය.

56:30

وَظِلّٖ مَّمۡدُودٖ ﴿30﴾

Transliteration: Wathillin mamdoodin

Translation: දිගු කරනු ලැබූ සෙවණැලි අතරය.

56:31

وَمَآءٖ مَّسۡكُوبٖ ﴿31﴾

Transliteration: Wamain maskoobin

Translation: ගලා යවනු ලබන ජලය අතරය.

56:32

وَفَٰكِهَةٖ كَثِيرَةٖ ﴿32﴾

Transliteration: Wafakihatin katheeratin

Translation: බොහෝ පලතුරු අතරය.

56:33

لَّا مَقۡطُوعَةٖ وَلَا مَمۡنُوعَةٖ ﴿33﴾

Transliteration: La maqtooAAatin wala mamnooAAatin

Translation: කිසිදු කප්පාදුවක් නැත. එමෙන්ම කිසිදු තහනම් කිරීමක් ද නැත.

56:34

وَفُرُشٖ مَّرۡفُوعَةٍ ﴿34﴾

Transliteration: Wafurushin marfooAAatin

Translation: උස් ව තබන ලද ඇතිරිලි අතරය.

56:35

إِنَّآ أَنشَأۡنَٰهُنَّ إِنشَآءٗ ﴿35﴾

Transliteration: Inna anshanahunna inshaan

Translation: නියත වශයෙන්ම අපි ඔවුන් (අලංකාර) නිර්මාණයකින් නිර්මාණය කළෙමු.

56:36

فَجَعَلۡنَٰهُنَّ أَبۡكَارًا ﴿36﴾

Transliteration: FajaAAalnahunna abkaran

Translation: අපි ඔවුන් කන්‍යා කුමරියන් බවට පත් කළෙමු.

56:37

عُرُبًا أَتۡرَابٗا ﴿37﴾

Transliteration: AAuruban atraban

Translation: පෙම්බර සම වයසැති,

56:38

لِّأَصۡحَٰبِ ٱلۡيَمِينِ ﴿38﴾

Transliteration: Liashabi alyameeni

Translation: දකුණු පස ජනයා සඳහා (මේවා සූදානම් කර තිබේ.)

56:39

ثُلَّةٞ مِّنَ ٱلۡأَوَّلِينَ ﴿39﴾

Transliteration: Thullatun mina alawwaleena

Translation: (ඔවුන්) මුල් අයගෙන් වූ පිරිසකි.

56:40

وَثُلَّةٞ مِّنَ ٱلۡأٓخِرِينَ ﴿40﴾

Transliteration: Wathullatun mina alakhireena

Translation: තවද පසු පැවත එන්නන්ගෙන් වූ පිරිසකි.

56:41

وَأَصۡحَٰبُ ٱلشِّمَالِ مَآ أَصۡحَٰبُ ٱلشِّمَالِ ﴿41﴾

Transliteration: Waashabu alshshimali ma ashabu alshshimali

Translation: තවද වම් පස ජනයා. වම් පස ජනයා යනු කවරෙක් ද?

56:42

فِي سَمُومٖ وَحَمِيمٖ ﴿42﴾

Transliteration: Fee samoomin wahameemin

Translation: (ඔවුන්) ලෝ දිය හා ගිනි දැලි සුළං අතරය.

56:43

وَظِلّٖ مِّن يَحۡمُومٖ ﴿43﴾

Transliteration: Wathillin min yahmoomin

Translation: කළු දුමාරයෙන් යුත් හෙවණ අතරය.

56:44

لَّا بَارِدٖ وَلَا كَرِيمٍ ﴿44﴾

Transliteration: La baridin wala kareemin

Translation: තවද (එහි) කිසිදු සිසිලක් හෝ අලංකාර දර්ශනයක් හෝ නැත.

56:45

إِنَّهُمۡ كَانُواْ قَبۡلَ ذَٰلِكَ مُتۡرَفِينَ ﴿45﴾

Transliteration: Innahum kanoo qabla thalika mutrafeena

Translation: නියත වශයෙන්ම ඔවුහු එයට පෙර (මෙලොවෙහි) සැප විඳින්නන් ලෙස සිටියහ.

56:46

وَكَانُواْ يُصِرُّونَ عَلَى ٱلۡحِنثِ ٱلۡعَظِيمِ ﴿46﴾

Transliteration: Wakanoo yusirroona AAala alhinthi alAAatheemi

Translation: තවද ඔවුහු මහත් පාපයන් මත හිතුවක්කාර ලෙස රැඳී සිටින්නන් වූහ.

56:47

وَكَانُواْ يَقُولُونَ أَئِذَا مِتۡنَا وَكُنَّا تُرَابٗا وَعِظَٰمًا أَءِنَّا لَمَبۡعُوثُونَ ﴿47﴾

Transliteration: Wakanoo yaqooloona aitha mitna wakunna turaban waAAithaman ainna lamabAAoothoona

Translation: තවද “අපි මිය ගොස් පස් හා අස්ථි බවට පත් වූ පසු නියත වශයෙන්ම අපි නැවත නැගිටුවනු ලබන්නෝ වෙමු දැ” යි ඔවුහු පවසමින් සිටියහ.

56:48

أَوَءَابَآؤُنَا ٱلۡأَوَّلُونَ ﴿48﴾

Transliteration: Awa abaona alawwaloona

Translation: “අපගේ මූලාරම්භක මුතුන් මිත්තන් ද?” (යනුවෙන් ද පැවසූහ.)

56:49

قُلۡ إِنَّ ٱلۡأَوَّلِينَ وَٱلۡأٓخِرِينَ ﴿49﴾

Transliteration: Qul inna alawwaleena waalakhireena

Translation: “නියත වශයෙන්ම මූලාරම්භකයින් හා පසු පැවත එන්නන් (යන සියල්ලන්හට) (නබිවරය) නුඹ පවසනු.

56:50

لَمَجۡمُوعُونَ إِلَىٰ مِيقَٰتِ يَوۡمٖ مَّعۡلُومٖ ﴿50﴾

Transliteration: LamajmooAAoona ila meeqati yawmin maAAloomin

Translation: නියමිත දිනක නියමිත වේලාවක එක් රැස් කරනු ලබන්නෝ වෙති.

56:51

ثُمَّ إِنَّكُمۡ أَيُّهَا ٱلضَّآلُّونَ ٱلۡمُكَذِّبُونَ ﴿51﴾

Transliteration: Thumma innakum ayyuha alddalloona almukaththiboona

Translation: ඉන් පසු: අහෝ බොරුකාරයන් වූ නොමග ගියවුනි! නිසකවම නුඹලාමය,

56:52

لَأٓكِلُونَ مِن شَجَرٖ مِّن زَقُّومٖ ﴿52﴾

Transliteration: Laakiloona min shajarin min zaqqoomin

Translation: නියත වශයෙන්ම නුඹලා zසක්කූම් ගසින් අනුභව කරන්නෝ වෙති.

56:53

فَمَالِـُٔونَ مِنۡهَا ٱلۡبُطُونَ ﴿53﴾

Transliteration: Famalioona minha albutoona

Translation: එවිට එයින් කුසවල් පුරවා ගන්නෝ වෙති.

56:54

فَشَٰرِبُونَ عَلَيۡهِ مِنَ ٱلۡحَمِيمِ ﴿54﴾

Transliteration: Fashariboona AAalayhi mina alhameemi

Translation: ඒ මත ලෝ දියෙන් පානය කරන්නෝ වෙති.

56:55

فَشَٰرِبُونَ شُرۡبَ ٱلۡهِيمِ ﴿55﴾

Transliteration: Fashariboona shurba alheemi

Translation: පිපාසිත ඔටුවන් පානය කරන්නාක් මෙන් පානය කරන්නෝ වෙති.

56:56

هَٰذَا نُزُلُهُمۡ يَوۡمَ ٱلدِّينِ ﴿56﴾

Transliteration: Hatha nuzuluhum yawma alddeeni

Translation: මෙය විනිශ්චය දිනයේ ඔවුන්ගේ සංග්‍රහය වේ.

56:57

نَحۡنُ خَلَقۡنَٰكُمۡ فَلَوۡلَا تُصَدِّقُونَ ﴿57﴾

Transliteration: Nahnu khalaqnakum falawla tusaddiqoona

Translation: අපය නුඹලා ව මැව්වේ. එහෙයින් ( නුඹලාව නැවත නැගිටුවන්නෙමු යනුවෙන්) නුඹලා සත්‍යය කළ යුතු නොවේ ද?

56:58

أَفَرَءَيۡتُم مَّا تُمۡنُونَ ﴿58﴾

Transliteration: Afaraaytum ma tumnoona

Translation: නුඹලා ශුක්‍රාණු ලෙස පිට කරන දෑ ගැන නුඹලා සිතා බැලුවෙහු ද?

56:59

ءَأَنتُمۡ تَخۡلُقُونَهُۥٓ أَمۡ نَحۡنُ ٱلۡخَٰلِقُونَ ﴿59﴾

Transliteration: Aantum takhluqoonahu am nahnu alkhaliqoona

Translation: එය මැව්වේ නුඹලා ද එසේ නැතහොත් (එහි) මැවුම්කරුවෝ වන්නේ අප ද?

56:60

نَحۡنُ قَدَّرۡنَا بَيۡنَكُمُ ٱلۡمَوۡتَ وَمَا نَحۡنُ بِمَسۡبُوقِينَ ﴿60﴾

Transliteration: Nahnu qaddarna baynakumu almawta wama nahnu bimasbooqeena

Translation: නුඹලා අතර මරණය නිර්ණය කළේ අපය. අපව අභිබවා යාමට (කිසිවෙකුට) නොහැක..

56:61

عَلَىٰٓ أَن نُّبَدِّلَ أَمۡثَٰلَكُمۡ وَنُنشِئَكُمۡ فِي مَا لَا تَعۡلَمُونَ ﴿61﴾

Transliteration: AAala an nubaddila amthalakum wanunshiakum fee ma la taAAlamoona

Translation: නුඹලාගේ හැඩරුව වෙනස් කිරීමටත් නුඹලා නොදන්නා ස්වරූපයක නුඹලා ව (යළි) බිහි කිරීමටත් (අපි ශක්තිය ලද්දෝ වෙමු).

56:62

وَلَقَدۡ عَلِمۡتُمُ ٱلنَّشۡأَةَ ٱلۡأُولَىٰ فَلَوۡلَا تَذَكَّرُونَ ﴿62﴾

Transliteration: Walaqad AAalimtumu alnnashata aloola falawla tathakkaroona

Translation: තවද මුල් මැවීම ගැන සැබැවින්ම නුඹලා දන්නෙහුය. එහෙයින් නුඹලා මෙනෙහි කළ යුතු නොවේ ද?

56:63

أَفَرَءَيۡتُم مَّا تَحۡرُثُونَ ﴿63﴾

Transliteration: Afaraaytum ma tahruthoona

Translation: නුඹලා වපුරන දෑ ගැන නුඹලා සිතා බැලුවෙහු ද?

56:64

ءَأَنتُمۡ تَزۡرَعُونَهُۥٓ أَمۡ نَحۡنُ ٱلزَّـٰرِعُونَ ﴿64﴾

Transliteration: Aantum tazraAAoonahu am nahnu alzzariAAoona

Translation: එය වගා කරනුයේ නුඹලා ද? එසේ නැතහොත් (එහි) වගාකරුවෝ අප ද?

56:65

لَوۡ نَشَآءُ لَجَعَلۡنَٰهُ حُطَٰمٗا فَظَلۡتُمۡ تَفَكَّهُونَ ﴿65﴾

Transliteration: Law nashao lajaAAalnahu hutaman fathaltum tafakkahoona

Translation: අපි අභිමත කරන්නේ නම් එය වියැළුණු ඉපැණිලි බවට පත් කරන්නට තිබුණි. එවිට නුඹලා පුදුමයට පත් වනු ඇත.

56:66

إِنَّا لَمُغۡرَمُونَ ﴿66﴾

Transliteration: Inna lamughramoona

Translation: “නියත වශයෙන්ම අපි ණය කාරයෝ වෙමු.”

56:67

بَلۡ نَحۡنُ مَحۡرُومُونَ ﴿67﴾

Transliteration: Bal nahnu mahroomoona

Translation: “එසේ නොව අපි වළක්වනු ලැබූවෝ වෙමු.” යැයි පවසමින් (නුඹලා පුදුමයට පත් වනු ඇත.)

56:68

أَفَرَءَيۡتُمُ ٱلۡمَآءَ ٱلَّذِي تَشۡرَبُونَ ﴿68﴾

Transliteration: Afaraaytumu almaa allathee tashraboona

Translation: නුඹලා පානය කරන ජලය දෙස නුඹලා නිරීක්ෂා කොට බැලුවෙහු ද?

56:69

ءَأَنتُمۡ أَنزَلۡتُمُوهُ مِنَ ٱلۡمُزۡنِ أَمۡ نَحۡنُ ٱلۡمُنزِلُونَ ﴿69﴾

Transliteration: Aantum anzaltumoohu mina almuzni am nahnu almunziloona

Translation: එය වලාකුළෙන් පහළ කළේ නුඹලා ද? එසේ නැතහොත් (එය) පහළ කරන්නෝ අපද?

56:70

لَوۡ نَشَآءُ جَعَلۡنَٰهُ أُجَاجٗا فَلَوۡلَا تَشۡكُرُونَ ﴿70﴾

Transliteration: Law nashao jaAAalnahu ojajan falawla tashkuroona

Translation: අපි අභිමත කර ඇත්නම් එය ලුණු බවට පත් කරන්නට තිබුණි. එහෙයින් නුඹලා ගුණගරුක විය යුතු නොවේ ද?

56:71

أَفَرَءَيۡتُمُ ٱلنَّارَ ٱلَّتِي تُورُونَ ﴿71﴾

Transliteration: Afaraaytumu alnnara allatee tooroona

Translation: නුඹලා දල්වන ගින්න විමසිල්ලෙන් බැලුවෙහු ද?

56:72

ءَأَنتُمۡ أَنشَأۡتُمۡ شَجَرَتَهَآ أَمۡ نَحۡنُ ٱلۡمُنشِـُٔونَ ﴿72﴾

Transliteration: Aantum anshatum shajarataha am nahnu almunshioona

Translation: (එම ගින්න නිපද වන) ගස නිර්මාණය කළේ නුඹලා ද? එසේ නැතහොත් (එහි) නිර්මාණකරුවෝ අප ද?

56:73

نَحۡنُ جَعَلۡنَٰهَا تَذۡكِرَةٗ وَمَتَٰعٗا لِّلۡمُقۡوِينَ ﴿73﴾

Transliteration: Nahnu jaAAalnaha tathkiratan wamataAAan lilmuqweena

Translation: අපි එය මෙනෙහි කිරීමක් ලෙසින් හා මගීන්ට (ප්‍රයෝජනවත්) භාණ්ඩයක් ලෙසින් පත් කළෙමු.

56:74

فَسَبِّحۡ بِٱسۡمِ رَبِّكَ ٱلۡعَظِيمِ ﴿74﴾

Transliteration: Fasabbih biismi rabbika alAAatheemi

Translation: එහෙයින් නුඹගේ අති මහත් පරමාධිපතියාණන්ගේ නාමයෙන් නුඹ සුවිශුද්ධ කරනු.

56:75

فَلَآ أُقۡسِمُ بِمَوَٰقِعِ ٱلنُّجُومِ ﴿75﴾

Transliteration: Fala oqsimu bimawaqiAAi alnnujoomi

Translation: එහෙයින් තාරකා රැඳෙන තැන් මත මම දිවුරමි.

56:76

وَإِنَّهُۥ لَقَسَمٞ لَّوۡ تَعۡلَمُونَ عَظِيمٌ ﴿76﴾

Transliteration: Wainnahu laqasamun law taAAlamoona AAatheemun

Translation: තවද නුඹලා දන්නෙහු නම් නියත වශයෙන්ම එය ඉමහත් දිවුරුමකි.

56:77

إِنَّهُۥ لَقُرۡءَانٞ كَرِيمٞ ﴿77﴾

Transliteration: Innahu laquranun kareemun

Translation: නියත වශයෙන්ම එය ගෞරවනීය කුර්ආනයකි.

56:78

فِي كِتَٰبٖ مَّكۡنُونٖ ﴿78﴾

Transliteration: Fee kitabin maknoonin

Translation: ආරක්ෂා කරනු ලැබූ ලේඛනයෙහිය.

56:79

لَّا يَمَسُّهُۥٓ إِلَّا ٱلۡمُطَهَّرُونَ ﴿79﴾

Transliteration: La yamassuhu illa almutahharoona

Translation: එය පිවිතුරු අය හැර වෙනත් කිසිවකු ස්පර්ශ නොකරති.

56:80

تَنزِيلٞ مِّن رَّبِّ ٱلۡعَٰلَمِينَ ﴿80﴾

Transliteration: Tanzeelun min rabbi alAAalameena

Translation: ලෝවැසියන්ගේ පරමාධිපතිගෙන් වූ පහළ කිරීමකි.

56:81

أَفَبِهَٰذَا ٱلۡحَدِيثِ أَنتُم مُّدۡهِنُونَ ﴿81﴾

Transliteration: Afabihatha alhadeethi antum mudhinoona

Translation: නුඹලා මෙම ප්‍රකාශය ගැන ද නොසලකා හරින්නන් ලෙස සිටිනුයේ එහෙයින් ද?

56:82

وَتَجۡعَلُونَ رِزۡقَكُمۡ أَنَّكُمۡ تُكَذِّبُونَ ﴿82﴾

Transliteration: WatajAAaloona rizqakum annakum tukaththiboona

Translation: තවද නුඹලාගේ පෝෂණය සඳහා (කෘතගුණ සලකන්නක් වශයෙන්) නියත වශයෙන්ම නුඹලා බොරු කිරීම (තෝරා) ගන්නෙහු ද?

56:83

فَلَوۡلَآ إِذَا بَلَغَتِ ٱلۡحُلۡقُومَ ﴿83﴾

Transliteration: Falawla itha balaghati alhulqooma

Translation: (කෙනෙකුගේ ප්‍රාණය) උගුරු දණ්ඩට ළඟා වූ විට,

56:84

وَأَنتُمۡ حِينَئِذٖ تَنظُرُونَ ﴿84﴾

Transliteration: Waantum heenaithin tanthuroona

Translation: නුඹලා එම අවස්ථාවේ බලමින් සිටින්නෙහුය.

56:85

وَنَحۡنُ أَقۡرَبُ إِلَيۡهِ مِنكُمۡ وَلَٰكِن لَّا تُبۡصِرُونَ ﴿85﴾

Transliteration: Wanahnu aqrabu ilayhi minkum walakin la tubsiroona

Translation: තවද ඔහු වෙත අපි නුඹලාට වඩා සමීපයෙන් වෙමු. නමුත් නුඹලා නොදකිනු ඇත.

56:86

فَلَوۡلَآ إِن كُنتُمۡ غَيۡرَ مَدِينِينَ ﴿86﴾

Transliteration: Falawla in kuntum ghayra madeeneena

Translation: එහෙයින් නුඹලා වගකිව යුත්තන් නොවන්නෙහු නම්,

56:87

تَرۡجِعُونَهَآ إِن كُنتُمۡ صَٰدِقِينَ ﴿87﴾

Transliteration: TarjiAAoonaha in kuntum sadiqeena

Translation: (නුඹලා සිතන පරිදි) නුඹලා සත්‍යවාදීන් නම් නුඹලා එය නැවත ගෙන එනු.

56:88

فَأَمَّآ إِن كَانَ مِنَ ٱلۡمُقَرَّبِينَ ﴿88﴾

Transliteration: Faamma in kana mina almuqarrabeena

Translation: එහෙයින් ඔහු (අල්ලාහ්ට) සමීපතයින් අතුරින් වූයේ නම්,

56:89

فَرَوۡحٞ وَرَيۡحَانٞ وَجَنَّتُ نَعِيمٖ ﴿89﴾

Transliteration: Farawhun warayhanun wajannatu naAAeemin

Translation: සැනසුම ද ප්‍රණීත ආහාර ද සැපවත් (ස්වර්ග) උයන් ද ඇත.

56:90

وَأَمَّآ إِن كَانَ مِنۡ أَصۡحَٰبِ ٱلۡيَمِينِ ﴿90﴾

Transliteration: Waamma in kana min ashabi alyameeni

Translation: ඔහු දකුණු පස ජනයා අතුරින් වූ කෙනෙකු වූයේ නම්,

56:91

فَسَلَٰمٞ لَّكَ مِنۡ أَصۡحَٰبِ ٱلۡيَمِينِ ﴿91﴾

Transliteration: Fasalamun laka min ashabi alyameeni

Translation: එසේ නම් දකුණු පස ජනයා අතුරින් වූ ඔබට ශාන්තියයි.

56:92

وَأَمَّآ إِن كَانَ مِنَ ٱلۡمُكَذِّبِينَ ٱلضَّآلِّينَ ﴿92﴾

Transliteration: Waamma in kana mina almukaththibeena alddalleena

Translation: ඔහු නොමග ගිය බොරු කරන්නන් අතුරින් වූයේ නම්,

56:93

فَنُزُلٞ مِّنۡ حَمِيمٖ ﴿93﴾

Transliteration: Fanuzulun min hameemin

Translation: එවිට ලෝ දියෙන් වූ නවාතැනකි.

56:94

وَتَصۡلِيَةُ جَحِيمٍ ﴿94﴾

Transliteration: Watasliyatu jaheemin

Translation: තවද නිරා ගින්නෙහි දැවීමකි.

56:95

إِنَّ هَٰذَا لَهُوَ حَقُّ ٱلۡيَقِينِ ﴿95﴾

Transliteration: Inna hatha lahuwa haqqu alyaqeeni

Translation: ස්ථීර සත්‍යය වනුයේ නියත වශයෙන්ම මෙයමය.

56:96

فَسَبِّحۡ بِٱسۡمِ رَبِّكَ ٱلۡعَظِيمِ ﴿96﴾

Transliteration: Fasabbih biismi rabbika alAAatheemi

Translation: එහෙයින් නුඹගේ අතිමහත් වූ පරමාධිපතිගේ නාමයෙන් සුවිශුද්ධ කරනු.

Transliteration source: English Transliteration by Tanzil. Used under Tanzil's non-commercial terms; see the source and latest updates at Tanzil. Tanzil translation download